Monday, April 21, 2025
Home » බදුල්ලේ සිට බණ්ඩාරවෙලට ගිය කැලිප්සෝ දුම්රිය

බදුල්ලේ සිට බණ්ඩාරවෙලට ගිය කැලිප්සෝ දුම්රිය

by yasara
April 6, 2024 9:59 am 0 comment

විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල  සිට  බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය  ඊයේ (5) බදුල්ල දුම්රිය ස්ස්ථානයේදී ප්‍රවාහන  හා  මහමාර්ග ,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කැරිණ .

විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විදේශීය සංචාරකයන් වෙනුවෙන් සාදා නිමකර ඇති මැදිරි හතරකින්  සමන්විත මෙම දුම්රියේ සංචාරකයන් වෙනුවෙන් විශේෂ භෝජනාගාරයක්, විවෘත ප්‍රද්‍රර්ශන නැරඹුම් මැදිරියකින් සමන් විතය.

මෙම දුම්රිය ආරම්භ කල අවස්ථාවට  ප්‍රවාහන හා මහමාර්ග ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් , දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගි වූහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT