Home » අර­ග­ල­යෙන් පසු මාරු කළ OICලාට හිටපු පොලි­සි­ව­ලට සමාන ස්ථාන දෙනවා

අර­ග­ල­යෙන් පසු මාරු කළ OICලාට හිටපු පොලි­සි­ව­ලට සමාන ස්ථාන දෙනවා

පොලි­ස්පති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දැනුම් දෙයි

by damith
April 6, 2024 1:15 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

මැයි 9 දා අර­ගල සිද්ධි­යෙන් පසු ස්ථාන මාරු දී ඇති පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන් පස් දෙන­කුට ඔවුන් මීට පෙර සිටි පොලිස් ස්ථාන­ව­ලට සමා­න්තර පොලිස් ස්ථාන දීමට කට­යුතු කරන බව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඊයේ (5) දන්වා සිටි­යේය.

අධි­ක­ර­ණ­යට පොරොන්දු වී ඇති පරිදි ජ්‍යෙෂ්ඨ­ත්වය අනුව පොලිස් ස්ථාන නොදී­මෙන් අධි­ක­රණ නියෝ­ගය හෑල්ලු­වට පත් කිරීම සම්බ­න්ධ­යෙන් අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා පොලි­ස්ප­ති­ව­රයා දෝෂා­රෝ­ප­ණ­යට ලක් කිරී­මෙන් අන­තු­රුව මේ දැනුම් දීම කරන ලදි. ස්ථාන මාරු­වීම් ලද පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන් පස් දෙනකු ඉදි­රි­පත් කළ මෝස­මක් කැඳවූ අව­ස්ථාවේ මීට පෙර කළ නියෝ­ගය අනුව පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පෞද්ග­ලි­ක­වම අධි­ක­ර­ණය පෙනී සිටි අව­ස්ථාවේ අග­වි­නි­සු­රු­ව­රයා මේ බව ප්‍රකාශ කළේය.

අධි­ක­ර­ණ­යට දුන් පොරො­න්දුව ක්‍රියා­ත්මක නොකළ හැකි නම් ඒ පිළි­බඳ මෝස­මක් ඉදි­රි­පත් කර අධි­ක­ර­ණ­යට දැනුම් දිය යුතුව තිබු­ණත්, එසේ නොකර මඟ­හැර සිටීම වැරදි සහ­ගත බවද අග­වි­නි­සු­රු­ව­රයා වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේය. අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අම­ර­සේ­කර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඉදි­රියේ මේ මෝසම් කැඳ­වනු ලැබිණි.

පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී කරුණු දක්ව­මින් ස්ථාන මාරු කරන ලද තම සේවා­දා­ය­ක­යන්ට සුදුසු පොලිස් ස්ථාන දෙන බවට වග­උ­ත්ත­ර­ක­රු­වන් මීට පෙර අධි­ක­ර­ණය හමුවේ සම­ථ­යක් ඇති කර­ගෙන තිබූ නමුත්, මෙතෙක් ඒ අනුව කට­යුතු කර නැති බවට චෝදනා කළේය. මේ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන් මන්නා­රම, වවු­නි­යාව, කොඩි­කා­මම්, කිලි­නො­ච්චිය සහ යාප­නය ප්‍රදේ­ශ­ව­ලට ස්ථාන මාරු කිරී­මට කට­යුතු ඇති අතර, එය පළි ගැනීමේ චේත­නා­වෙන් සිදු කර ඇති තිබෙන බව ඒ මහතා සඳ­හන් කළේය.

මෙහිදී අග විනි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා විවෘත අධි­ක­ර­ණයේ ප්‍රකා­ශ­යක් කර­මින් මීට පෙර ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ඇති කර­ගත් එක­ඟ­තාව වග උත්ත­ර­ක­රු­වන් ක්‍රියා­ත්මක නොකි­රීම සම්බ­න්ධ­යෙන් දැඩි දෝෂා­රෝ­ප­ණ­යට ලක් කළේය. අධි­ක­ර­ණය හමුවේ සම­ථ­යක් ඇති කර­ගත් විට එය ක්‍රියා­ත්මක කිරී­මට පාර්ශ්ව­ක­රු­වන් වග­බ­ලා­ගත යුතු බව අග­වි­නි­සු­රු­ව­රයා පෙන්වා දුන්නේය. එය ක්‍රියා­ත්මක කළ නොහැකි නම් මෝස­මක් ඉදි­රි­පත් කර නොප­මාව ඒ පිළි­බඳ අධි­ක­ර­ණය දැනු­වත් කිරී­මට කට­යුතු කළ බවත් අග­වි­නි­සු­රු­ව­රයා සඳ­හන් කළේය.

පෙත්ස­ම්ක­රු­වන්ට ඔවුන් කලින් රාජ­කාරි කළ පොලිස් ස්ථාන ලබා­දී­මට නොහැකි නම්, ඊට සමා­න්තර පොලිස් ස්ථාන ලබා දිය යුතු බව අග­වි­නි­සු­රු­ව­රයා එහිදී පෙන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ඇති කර­ගත් සම­ථය ක්‍රියා­ත්මක කිරී­මට නොහැකි වූයේ උද්ගත වූ පරි­පා­ලන අර්බු­ද­කාරි තත්ත්ව­යන් කිහි­ප­යක් හේතු­වෙන් බව පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් විරාජ් දයා­රත්න මහතා එහිදී සඳ­හන් කළේය.

කෙසේ වෙතත් පෙත්ස­ම්ක­රු­වන්ට ඔවුන් කලින් සේවය කළ පොලිස් ස්ථාන­ව­ලට සමා­න්තර පොලිස් ස්ථාන ලබා­දී­මට කට­යුතු කරන බව ඒ මහතා සඳ­හන් කළේය. මේ මස 18 දා පැවැ­ත්වෙන ජාතික පොලිස් කොමි­සමේ රැස්වී­මේදී ඒ සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනී­මට කට­යුතු කරන බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය. අධි­ක­ර­ණය හමුවේ පළ කරන මේ එක­ඟ­තාව ක්‍රියා­ත්මක වන්නේ­දැයි පරීක්ෂා කිරීම සඳහා මේ මෝසම ඉදිරි දින­යක කැඳ­වන ලෙස පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටි­යේය. කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල අදාළ මෝසම ලබන 29 දා මේ කට­යු­තු­වල ප්‍රග­තිය අධි­ක­ර­ණ­යට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT