Home » ගංජා සහ මදනමෝදක සමඟ චීවරධාරියෙක් දෙහිවල දී අත්අඩංගුවට

ගංජා සහ මදනමෝදක සමඟ චීවරධාරියෙක් දෙහිවල දී අත්අඩංගුවට

by mahesh
April 5, 2024 1:00 am 0 comment

ගල්කිස්ස - ෂෙහාන් ජයවර්ධන

දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් යුක්තිය මෙහෙයුමට සමගාමීව කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර දී දෙහිවල ඕබන් පෙදෙස ප්‍රදේශයේ සැකසහිත ලෙස ගමන් කළ පුද්ගලයකු ගංජා ග්‍රෑම් 05ක් සහ මදනමෝදක නම් මත්ද්‍රව්‍ය පැකට් 03ක් සිය සන්තකයේ සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

පෙරේදා (03) සවස 5.00ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පසුව කළ විමර්ශණවලදී එම පුද්ගලයා චීවරධාරියකු බවත් බෙන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බවත් වයස අවුරුදු 34ක් පමණ වන අතර මුලනේගම, යක්කමුල්ල ප්‍රදේශයේ උපන් ගම වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී චීවරධාරියා අලු පැහැති කොට කලිසමකින් සහ සුදු පැහැති ටීෂර්ට් එකකින් සැරසී සිට ඇති අතර දෙහිවල ප්‍රදේශයට පැමිණෙන අතරතුරදී චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් සැරසී බස් රථයකින් පැමිණ ඇති බව පොලිසිය පවසයි.

අදාළ චීවරධාරියා කලක සිට මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වී සිටින්නට ඇතැයි පොලිසිය සැකකරන අතර කිසිවකුටත් සැක නොසි‍ෙතන ආකාරයෙන් පැමිණ කලක සිට මත්ද්‍රව්‍ය භාවිත කරන්නට ඇතැයි සැකකරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

එ අනුව චීවරධාරියා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව දෙහිවල අපරාධ විමර්ශන අංශය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT