ඉන්දියාවේ චෙන්නායිහිදී ඉකුත්දා ( 24) පැවැති ‘එඩිසන්’ සම්මාන උලෙළේදී මෙරට නව පරපුරේ ජනප්‍රිය ගායක, ගායිකා යුවළක් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහගේ ‘අයියෝ සාමි..’ ගීතයට Best Sensational Song of the Year –2023 සම්මානය හිමි විය. මේ ගීතයේ සංගීතය, තනු නිර්මාණය සනුක වික්‍රමසිංහගේය. මෙහි මුල් ගීතය වින්ඩි විසින් ගායනා කරන ලද අතර පසුව එය සිංහල භාෂාවෙන් ද ගායනා ඇය විසින්ම කර ඇත. මේ ගීතයේ පද රචනය පොතුවිල් අස්මින්ගේය.
සිංහබාහු 18දා සිට දිවයින පුරා
ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා සිත්තම EAP ප්‍රද්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල මෙම මස 18 දා සිට ප්‍රදර්ශනය කෙරේ. සිංහබාහු නිශ්පාදනය, ගාමිණී වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරිය විසිනි.
මෙහි අඛිල ධනුද්දර, යශෝධා විමලධර්ම, දුශේනි මියුරංගි, සජිත අනුත්තර, සිනෙති අකිලා, චන්දන වික්‍රමසිංහ, සහන් මානගේ ඇතුළු නළු නිලියන් රැසක් රංගනයෙන් දායකත්වය දක්වති. සිංහබාහු කැමරාකරණය විශ්වා බාලසූරිය ගෙනි. වේශ නිරූපණය විදුර අභයදීර ගෙනි. සංගීතය මහාචාර්ය සමන් පනාපිටිය වන අතර කලා අධ්‍යක්ෂණය. ජානක ප්‍රසාද් ගෙනි.
එළිමහන් ප්‍රසංග නිවේදනයට සම්මාන
Roonada open stage awards නම් වූ එළිමහන් ප්‍රසංග වේදිකාවේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය පසුගියදා සිදු කරන ලදී. එහිදී එළිමහන් ප්‍රසංග කලාවේ දක්ෂතම නිවේදකයා ලෙස මෝක්ෂ ප්‍රසාද් හා ජනප්‍රියම නිවේදකයා ලෙස සුසර යසස් ද හොඳම නැඟී එන නිවේදකයා ලෙස සහන් කල්හාර සහ හොඳම නැඟී එන නිවේදිකාව තිළිණි රණසිංහ ද සම්මාන දිනා ගත්තහ.
silva screen උපහාර සම්මාන උලෙළ
වාර්ෂිකව පවත්වන ලද silva screen උපහාර සම්මාන උලෙළ ඊයේ 04දා සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටර්ස් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර සම්මාන හා උපහාරයට පාතු වන්නේ 1965- 1970 දශකයේ සිනමාව උදෙසා සිය දායකත්වය සැපයූ කලාකරුවන්ටය. මෙහිදී රංගන ශිල්පිනියන් ශිල්පීන්, තිර රචනයට, කැමරාකරණයට, අධ්‍යක්ෂණයට, වේෂ නිරූපණය ආදී සියලු දායකත්වයන් වෙනුවෙන් ඇගයීමක් සිදු විය.
සිනමා නිළි ආචාර්ය මාලනී ෆාන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, වීනා ජයකොඩි ඇතුළු ප්‍රවීණ නළු නිළියන් සමඟින් සිනමාව වෙනුවෙන් දායකත්වය සැපයූ බොහෝදෙනෙක් ඇගයීමට පාත්‍ර විය. ජීවන් කුමාරතුංග මෙම අවස්ථාවට සහභාගි වූ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. මෙම silva screen උපහාර සම්මාන උලෙළ සංකල්පය සුමිත් බිබිලේගේය. මෙහි සභාපති වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් ටී. ප්‍රනාන්දු වන අතර ලේකම් ධූරය සනෝජා බිබිලේය.
MY RED COMRDE
සුදත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කළ MY RED COMRDE සිනමා පටයේ මාධ්‍ය සඳහා වන විශේෂ ප්‍රදර්ශනය අද සවස 04.00ට වන් ගෝල්ෆේස් PVRහිදී ප්‍රදර්ශනය කෙරේ.
මෙය සුදත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කරන්නේ වසර 17 කට පසුව වීම විශේෂත්වයයි. තවද මෙහි චරිත දෙකක් පමණක් තිබීමද විශේෂත්වයකි.
අජිත් නදී සුසංයෝගයේ තෙවන ගීතය එළිදකී
“ඉඳහිටක දැනෙන කොට
මගෙ සිතට තනියක්..
මම හොරෙන් බලා ඉමි
නුඹේ රුව වරුවක්.”
නදීශානී සේනාධීර ලියූ අජිත් සංජීව පෙරේරා ගයන මෙම ගීය යූ ටියුබ් අවකාශයට මුදා හැර සතියකි. මේ සතිය තුළ මෙම ගීතය ඉහළ රසික ප්‍රතිචාර ලබා ගනිමින් රසික ආදරය දිනෙන් දින දිනාගනිමින් සිටී. නදීශානි සේනාධීර සහ අජිත් සංජීව සුසංයෝගයෙන් මීට පෙර තවත් ජනප්‍රියත්වයට පත් ගීත දෙකක් තිබෙන අතර ” මං ආසයි දුවන් එන්න ” කඳුළු මැදින් හිනාවෙන්න ඒ ගීත දෙකයි. වෘත්තියෙන් ග්‍රාම නිලධාරිනියක සහ මනෝ උපදේශකවරියක වන ඇයගේ තවත් ගීත රචනා කිහිපයක් ඉදිරියේදී දොරට වැඩීමට නියමිතය. ඇයගේ අරමුණ බවට පත්ව තිබෙන්නේ ගීත රචිකාවියක ලෙස හරවත් සහ සරල නිර්මාණ සමඟ තම ගමන් මඟ පියමැන යාමය. ගායන ශිල්පී අජිත් සංජීව පෙරේරා නව පරපුරේ සංගීතඥයකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ නව සටහන් තැබූ ශිල්පියෙකි. ඔහු මෙරට බොහෝ ජනප්‍රිය ගීතවල සංගීත අධ්‍යක්ෂවරයාය.
නදීශානී ලියූ , අජිත් සංජිව සංගීතවත් කරමින් ගැයූ අලුත්ම ගීතය වන ” ඉඳහිටක දැනෙන කොට මගෙ සිතට තනියක් ” ගීතය මෙන්ම ඔහු ගැයූ සෙසු ගීත ද අජිත් සංජීව පෙරේරා යූ ටියුබ් නාලිකාව ඔස්සේ සවන් දීමට හැකිය.
‘ඉස්සර දවසක්’ ස්වර දැහැන සෙනසුරාදා
විශාරද ගුණදාස කපුගේ, විශාරද සුනිල් එදිරිසිංහ සහ ලක්ෂ්මන් විජේසේකර යන ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් ගායන කරන ලද ගීත ඔවුන්ගේ පුතුන් විසින් නැවත ගායනය කරනු ලබන ” ඉස්සර දවසක් ” ස්වර දැහැන සෙනසුරාදා සවස 7.00 ට කොළඹ මියුසියස් විදුහල් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
සුවසර ගී දැහැන හෙට
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට ආධාර පිණිස පවත්වනු ලබන සුවසර ගී දැහැන සංගීත ප්‍රසංගය අප්‍රේල් මස 6 (හෙට) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, දීපිකා ප්‍රියදර්ශනී, දයාන් විතාරණ, ප්‍රදීපා ධර්මදාස, රෙඩ්නි වර්ණකුල, සමනලී ෆොන්සේකා. උරේෂා රවිහාරි ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වෙති. ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ විශාරද ජගත් වික්‍රමසිංහ සහ මේජර් සේනාධීර ජයරත්න පමුඛ යුද්ධ හමුදා වාද්‍ය වෘන්දය විසිනි. නර්තනයෙන් දායක වන්නේ යුද්ධ හමුදා නර්ථන කණ්ඩායමයි.