Home » මොරටු සරසවි සිසුවෙක් හදිසියේ මියයයි

මොරටු සරසවි සිසුවෙක් හදිසියේ මියයයි

by yasara
April 5, 2024 12:12 pm 0 comment

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු තාවකාලිකව නවාතැන් ගැන සිටින කාමරේදී හදිසියේ රෝගාතුරව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවම මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව මෝල්පේ ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි හාලි ඇල  ,උණුගොල්ලවත්ත , අඟුරුමලේ කොටස පදිංචිව සිටි  සතාසිවම් විනෝද්  නැමැති වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකි

මියගිය සිසුවා තවත් සිසුන් හය දෙනෙකු සමඟ බෝඩිං කාමරයේ නවාතැන් ගෙන සිටින අතර මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ තවත් මිතුරන් දෙදෙනකු සමග බෝඩිම ආසන්නයේ ආපනශාලාවකට ගොස් කිරි තේ පානය කර  බෝඩිම කරා විනාඩි පහළොවකින් පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

මද වේලාවකදී සිසුවා ඔහුගේ  ඇඳ මත ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින්  ඇති අතර එකවරම ඔහුගේ අතක් වෙව්ලන අයුරු අනෙක් සිසුන් දෙදෙනා දැක තිබූ බව පොලිසිය කියයි

ඔවුන් එම අතට යකඩ කැබැල්ලක් ලබා දුන්නද එම රෝගී තත්ත්වය අඩු නොවීම හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ මිතුරන් ඔහුව පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් සිසුවා මියගොස් තිබූ බව පොලිසිය කියයි

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පිළියන්දල රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව මූලික විමර්ශන පවත්ව  මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශීක්ෂණ රෝහල කරා රැගෙන යන ලෙස පිළියන්දල පොලිසියට නියෝග කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT