Sunday, April 20, 2025
Home » බංගලාදේශ් සංචාරයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් පිළ නැවත දිවයිනට

බංගලාදේශ් සංචාරයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් පිළ නැවත දිවයිනට

by yasara
April 5, 2024 10:28 am 0 comment

බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් තරග සංචාරයකට පසුව ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ඔවුන් ටෙස්ට් තරගාවලිය 2 – 0 ක් ලෙස ජයගත් අතර විස්සයි විස්ස තරගාවලිය 02 – 01 ක් ලෙස ජය ගැනීමට සමත් වී තිබුණි .

එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සිය අදහස් දක්වමින් විදේශ තරග සංචාර වලදී ඒ රටේ කණ්ඩායම සමග කරට කර ගැටීම අපහසු උනත් , අපේ කණ්ඩායම හරි දේවල් හරි වෙලාවට කළ නිසා මෙම තරගාවලිය ජය ගැනීමට හැකි වූ බව පැවසීය .

එසේම ඉදිරි එංගලන්ත තරග සංචාරය සාර්ථකව ජයග්‍රහණය කර ගැනීම සදහා ඉදිරි සැළසුම් සකස් කරමින් පුහුණුවීම් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT