එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ අවුරුදු 13න් පහළ සහ අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත X Pro ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම සතියක ක්‍රිකට් සංචාරයක් සඳහා අද (1) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක අමල් දළුගොඩගේ පුහුණුකාරීත්වයෙන් යුතුව පැමිණෙන මේ කණ්ඩායමේ නායකයා ලෙස ලූක් යේට්ස් කටයුතු කරයි.
X Pro ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම හෙට (අප්‍රේල් 2) එන්සීසී ක්‍රිකට් ඇකඩමි පිල සමඟ එන්සීසී පිටියේදී සීමිත ඕවර 50 තරගයකට ක්‍රීඩා කරන අතර, 3 වැනිදා හලාවත ඇකඩමි පිල සමඟ තර්ස්ටන් පිටියේදී විස්සයි20 තරග 2කට ක්‍රීඩා කිරීමට නියමිතය. අනතුරුව 6 වැනිදා ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී මහින්ද විද්‍යාලයීය අවුරුදු 15න් පහළ කණ්ඩායම සමඟ විස්සයි20 තරගයකට ක්‍රීඩා කරන අතර, 7 වැනිදා එන්සීඒ ඇකඩමි පිල සමඟ නාරහේන්පිට එස්එල්ඩීසී ක්‍රීඩාංගණයේදී සීමිත ඕවර 50 තරගයකට සහභාගි වීමට නියමිතය. X Pro ක්‍රිකට් ඇකඩමි කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයේ අවසන් තරගය මේ මස 9 වැනිදා සීසීසී ඇකඩමි පිල සමඟ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන සීමිත ඕවර 50 තරගයෙන් නිමාවට පත් වෙයි.
X Pro ක්‍රිකට් ඇකඩමි පිල මෙසේය. – ලූක් යේට්ස් (නායක), අවීන් දළුගොඩ, කොබී කැම්බෙල්, ඩයිලාන් යේට්ස්, චාලි ජැක්සන්, ටොම් බෙන්ට්ලි, හැරිසන් ප්‍රිල්, ජොෂ් ඩේවිස්, ජේකොබ් ප්‍රිල්, ලුවිස් වයිට්ල්, ෆායිස් කහඳු, චාලිස් බෙන්ට්ලි, රියොන් දළුගොඩ, සැන්ඩි මැකිවේන්.
ෆවුස් මොහොමඩ්