Home » රිච්මන්ඩ් සා. සෙබස්තියන් අවසන් පූර්ව ගැටුම අද
19න් පහළ ක්‍රිකට්

රිච්මන්ඩ් සා. සෙබස්තියන් අවසන් පූර්ව ගැටුම අද

by sachintha
April 1, 2024 1:00 am 0 comment

අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඩ් සහ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් අතර අවසන් පූර්ව තරගය අද (1) සහ හෙට (2) කොළඹ ඒස් කැපිටල් ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.

ගාල්ල රිච්මන්ඩ් විදුහල පළමු වටයේදී ‘එක්ස්’ කාණ්ඩයේ කාණ්ඩයේ ශූරයන් ලෙසත්, පළමු වටයේදී ‘වයි’ කාණ්ඩයේ අනුශූරයන් ලෙස සාන්ත සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

ශ්‍රී ලංකා යොවුන් පිලේ උප නායක මල්ෂා තරුපති ගාල්ල රිච්මන්ඩ් විදුහලට නායකත්වය ලබා දෙන අතර, ෂැරෝන් අභිෂේක් උප නායකයා වේ. සාන්ත සෙබස්තියන් විදුහල් පිල මනුජ චන්තුක විසින් මෙහෙයවනු ලබන අතර, උප නායක ලෙස විමාත් දින්සර සහය ලබා දේ.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT