Home » සබරගමුවට නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

සබරගමුවට නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

by sachintha
April 1, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත ජාතික ක්‍රිකට් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ රත්නපුර මොනරවිල ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පෙරේදා (30) ජනතා අයිතියට පත් කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉල්ලීමකට අනුව ඉදිකළ මේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීමෙන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළු සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමි වේ. එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුකළ අතර, කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හා වනිඳු හසරංග සමරු ඵලකය විවෘත කළහ.

මධ්‍ය තණතිලි 7ක්, පැති තණතිලි පහක් සහ කොන්ක්‍රීට් පැති විකට්ටු දෙකකින් සමන්විත මේ ක්‍රීඩාංගණය පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්වීමේ පහසුකම් සලසා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි විටදී පුහුණු තරග පැවැත්වීමට හා පාසල්, ක්‍රීඩා සමාජ තරගවලටද ඉදිරියේදී අවස්ථා ඇත.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT