ජුනි මාසයට පෙර විදේශ ඩොලර් ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් ඡන්ද තිබ්බත් නැතත් ජතික හා ජාත්‍යන්තර වශයෙන් රටේ අවුලක් ඇතිවෙනවා යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගාල්ලේදී පසුගියදා (29) පැවසීය.
එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින් රණවක මහතා මේ බව කීය.
එහිදී රණවක මහතා මෙසේ ද පැවසීය.
ජනාධිපතිතුමා පවසන පරිදි මේ වෙලාවේ වැදගත් කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කරල රටේ ආර්ථික ස්ථාවරත්වය හැදීම ප්‍රමුඛ කාරණයයි. ඡන්ද පැවැත්වීම නෙවෙයි ඡන්ද පවත්වන්න මුදල් නැහැ කියන තර්කය මෙතෙන්ට ගතහොත් අප පසුගිය අවුරුද්දේ රුපියල්වලින් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කළා. දැන් අප ඉදිරියේ තියෙන්නේ මොකක්ද ඩොලර්වලින් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී තිබෙන මාර්ගෝප දේශ අනුව ජුනි මාසය වන විට ප්‍රතිව්‍යුහකරණය කළ යුතුයි.
ගාල්ල උතුර සමූහ – දික්වැල්ලේ තිලකරත්න