ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන එමින් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුකර පාර්ලිමේන්තුව තුළ සෙනෙට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරි මැතිවරණයේ දී එය කළ නොහැකි බවත් වසර දෙකක පමණ කාලයක් සිවිල් සමාජය හා සාකච්ඡා කර එය ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේය. ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන අති බහුතරයක් පනත් බ්‍රිතාන්‍ය පාලන සමයේ සම්මත කළ ඒවා බවත් අදාළ පනත් යාවත්කාලීන කිරීම සිදුකළ යුතුව තිබුණේ මෙයට බොහෝ කලකට පෙර වුවත් එය සිදුවී නොමැති බවත් කී ඒ මහතා වසර 1 ½ ක් වැනි කෙටි කාලයක දී නිතියේ ආධිපත්‍ය හා යුක්තිය පසිඳලීමේ කාර්යයන්වලට අදාළව අණ පනත් 42ක් සම්මත කළ බව ද අවධාරණය කළේය.
ඒ අතර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත, නොතාරිස් ආඥා පනත, අන්තිම කැමැති ආඥා පනත, ඇටෝර්නි බලපත්‍ර පනත තිබෙන බවත් මෙරට අධිකරණවල ගොඩ ගැසී තිබෙන නඩුවලින් බහුතරයක් වංචනික ලෙස සකස් කළ ඔප්පු, කූට ලේඛණ, අන්තිම කැමැති පත්‍ර, ඇටෝර්නි බලපත්‍ර හා සම්බන්ධ ඒවා බවත් මින් ඉදිරියට එවැනි ක්‍රියා කිරීමට අවකාශ නොමැති බවත් ඒ මහතා කීය.
තවත් එවැනි බරපතළ නීති සංශෝධන හැට හැත්තෑවක් සිදු කිරීමට නියමිත බව ද ඇමැතිවරයා පැවසුවේය.
විහාරස්ථාන දේපොළ හා විහාරාධිපති තනතුරු සම්බන්ධව රටේ සාමාන්‍ය අධිකරණවල විශාල නඩු සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබීම සැලකිල්ලට ගනිමින් ඒවා ඉක්මනින් විසඳීමට විනිශ්චය අධිකාරි පනත් කෙටුම්පතක් සකස් කර සියලුම මහානයක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පිළිගන්වා තිබෙන බවත් ඊට අදාළ යෝජනා හා සංශෝධන මෙම මස 30ට පෙර ඉල්ලා තිබෙන බවත් කී අධිකරණ ඇමැතිවරයා අදාළ යෝජනා සමඟ ඊළග මසයේ දී කෙටුම්පත් කටයුතු අවසන් කර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද අවධාරණය කළේය.
අසේල කුරුළුවංශ