මහනුවර හිඳගල පදිංචි ඉංජිනේරුවරයකුගේ දියණිය බව කියමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්‍යුත් ලිපිනයට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලිසිය නොමඟ යැවීමට උත්සහ කළ 33 හැවිරිදි කාන්තාව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම කාන්තාව ඉහළ පොලිස් නිලධාරීන් ගණනාවක් සමඟ සම්බන්ධතා පවත්වා තිබෙන අතර, ඔවුන් නිතර ඇය සමඟ වට්ස් ඇප් ඔස්සේ පණිවිඩ හුවමාරු කරගෙන තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇය සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවක් කලබලයට පත්ව ඇතැයි ද වාර්තා වේ. කැකිරාව ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව ස්මාර්ට් දුරකතන දෙකක් හා ජාතික හැඳුනුම්පත් තුනක් තිබී ඇත. ඇය විවිධ නම්වලින් පෙනී සිටිමින් පොලිස් නිලධාරීන් රවටා ඔවුන් ගෙන් නොයෙකුත් වරප්‍රසාද ලබා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. දුරකතනයට වට්ස් ඇප් ඔස්සේ පණිවිඩයක් එවමින් කිසියම් පුද්ගලයකු රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා සිටින බවත් එය නොදුන්නොත් තමන්ව කපා කොටා ඝාතනය කරන බවට ඔහු තර්ජනය කරන බවත් ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර තිබූ ඊ මේල් පණිවිඩයේ දැක්වෙන බව පොලිසිය පවසයි.
එම පැමිණිල්ල දිසානායක මුදියන්සේලාගේ උඩගෙදර වලව්වේ නිශාදි ජලංගනා දිසානායක නමින් එම පැමිණිල්ල සිදු කර ඇතත් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇය පොලිසියට පවසා ඇත්තේ තම සැබෑ නම රණතුංග මුදියන්සේලාගේ මල්ලිකා අයිරාංගනී බවයි.
තම පියා ඉංජිනේරුවකු නොව ආයුර්වේද වෛද්‍යවරයකු බව ද මව රැකියාවක් නොකරන බව ද ඇය පොලිසියට පවසා ඇත.
තලාව කැකිරාව ප්‍රදේශයේ පදංචි ඇය ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක කාර්යාල කාර්ය සහයිකාවක ලෙස කලක් සේවය කර තිබේ. විවාහයෙන් දික්කසාද වී සිටින සැකකාරිය ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හසුරවමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන බව පෙන්වමින් පිරිමින් මුළාකර ඔවුන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. ඉහළ පොලිස් නිලධාරීන් සමඟ සමීප ඇසුරක් පවත්වමින් සමාජයේ කැපී පෙනෙන කාන්තාවක් ලෙස ජීවත්වීමේ කැමැත්තෙන් පසුව ඇති සැකකාරිය තමන් විෂාදයෙන් පෙළෙමින් සිටින බවත් හිතෙන දේ කිරීමට තමන් කිසිවිටෙකත් පසුබට නොවන බවත් පොලිසියට පවසා ඇත. ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යාමට පෙර ඔහුගේ ජංගම දුරකතනයට අවසන් වරට ඇමතුමක් ලැබී ඇත්තේ සැකකාර කාන්තාවගේ දුරකතනයෙන් බවත් ඔහුගේ මරණ පරීක්ෂණයේ දී මෙම කාන්තාව ව්‍යාජ නමකින් පෙනී සිටිමින් සාක්කි ලබා දී ඇති බවත් පොලිසිය පවසයි.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සරෝජනී, උප පොලිස් පරීක්ෂක රත්නායක, උප පොලිස් පරීක්ෂක ලාල් යන මහත්ම මහත්මීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අසේල කුරුළුවංශ