Home » දොරමඩලාව කනත්තේ නයකු-සුනඛයකු මිනී ඔළුවක් පුච්චලා – උසාවියෙන් වාර්තාවක් ඉල්ලයි

දොරමඩලාව කනත්තේ නයකු-සුනඛයකු මිනී ඔළුවක් පුච්චලා – උසාවියෙන් වාර්තාවක් ඉල්ලයි

by sachintha
April 1, 2024 12:50 am 0 comment

පුද්ගලයකු සුරතලයට ඇති කළ සුනඛයාට දෂ්ට කළ නාගයකු මරා දමා සතුන් දෙදෙනාගේම සිරුරු මිහින්තලේ දොරමඬලාව පොදු සුසාන භූමියේ දී ටයර් දමා පිලිස්සූ ගිනි ගොඩට මිනී ඔළුවක්ද දැමූ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා නර්ථනා අභිමානි සෙනවිරත්න මහත්මිය මිහින්තලේ පොලිසියට නියෝග කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල දී අනාවරණ වන කරුණු ඇතුළත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය මිහින්තලේ පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ නාගයකුගේ සහ සුනඛයකුගේ මළ සිරුර සහ මිනී ඔළුවක් ටයර් දමා මිහින්තලේ දොරමඬලාව පොදු සුසාන භූමියේ එකම ගිනි ගොඩක දී පිලිස්සීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසු මිහින්තලේ දොරමඬලාව පොසු සුසාන භූමියට ගොස් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් මිහින්තලේ පොලිසිය කියා සිටියේ මිහින්තලේ දොරමඬලාව ප්‍රදේශයේ නිවසක සිටි සුනඛයකුට නාගයකු දෂ්ට කර ඇති බවත් පසුව නාගයා දෂ්ට කිරීමෙන් සුනඛයා මිය ගොස් ඇති බවත්ය. ඉන් අනතුරුව සුනඛයාගේ අයිතිකරු නාගයාට පහර දී මරා දමා ඇති බව ද අධිකරණයට දැනුම් දුන් පොලිසිය පසුව සුනඛයාගේ අයිතිකරු නාගයාගේ සහ සුනඛයාගේ සිරුරු අසල පිහිටි දොරමඬලාව පොදු සුසාන භූමියට රැ‍ෙගන ගොස් ටයර් දමා පුලුස්සා ඇති බව ද කීය. මේ අතරවාරයේ යමෙකු විසින් මිනී ඔළුවක්ද රැගෙන විත් නාගයා සහ සුනඛයා පිලිස්සෙමින් තිබූ ගිනි ගොඩට දමා පිලිස්සෙන්න දමා ඇති බව ද අධිකරණයට කීය. මේ බව 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව විමර්ශන ඇරඹූ බව ද කීය. මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත සැරයන් හේරත් මහතා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය.

අනුරාධපුර – උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT