අලෙවිය සඳහා සූදානම් කරන ලද කසිප්පු මිලි ලීටර් තිස් දහසක් අඩංගු කසිප්පු පැකට් තොගයක් නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් ගිරිල්ල ප්‍රදේශයේදී සැකකාරියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ, යුක්තිය මෙහෙයුම බලගන්වමින් 118 දුරකතන ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව කැලෑ ප්‍රදේශයක සැඟ වී සිටි පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාරිය සමඟ මෙම නීති විරෝධී මත්පැන් තොගය අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේය. සැකකාරිය එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හතළිස් දෙකක පමණ විවාහක කාන්තාවක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය තවදුරටත් පැවසුවේය.
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ගිරිල්ල පොලිස් ස්ථානාධිපති පො. ප. විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, පො.සැ. කුමාර (34208), පො.සැ. සමන් (23427) පො.කො. කසුන් (78528 ), රියදුරු කුමාර (19281) යන නිලධාරීහු ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරන ලදි.
නිකවැරටිය ගයන්දි පමෝධා