මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතියේ ජල සැපයුම අම්පිටිය කලාපයට සම්බන්ධ කරමින් ධාරිතාව පුළුල් කළ ජල සැපයුම් ඒකකය විවෘත කිරීම ඉකුත් 27 වැනිදා දුණුමඩලාව ජලපොම්පාගාර පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම ජල සැපයුම් ඒකකය මඟින් දුනුමඩලාව රක්ෂිතයේ තිබෙන ජල පෝෂක ප්‍රදේශයෙන් ලබා ගන්නා ජලය අම්පිටිය, බහිරවකන්ද, රජපිහිල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට බෙදා හැරීම සිදු කරයි. නව ජල ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබුණත් මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරුවරු ඇතුළු ජල සැපයුම් අංශයේ සමස්ත කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්ව ලබා දීම හේතුවෙන් එම ඇස්තමේන්තු ගත මුදල වෙනුවට වැය කර ඇත්තේ රුපියල් මිලියන 70ක් වීම ද සුවිශේෂී කරුණකි. මෙතෙක් තිබුණු ඝන මීටර 500ක ජලය පොම්ප කිරීම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග ඝන මීටර් 950 දක්වා වැඩි කර තිබේ.