බදුල්ල දිස්ත්රික්කයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ පසුගිය වසරේ දෙසැම්බර් මස විශාල නාය යෑමකට ලක්ව විනාශ වී රථ වාහන ධාවනය මුළුමනින්ම ඇනහිට තිබූ පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය මාස තුනකට පමණ පසු පිළිසකර කර රථ වාහන ධාවනය සඳහා යළි ඊයේ (29) සිට විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු (බදුල්ල ) එස්. හෙන්නායක මහතා පැවසීය.
පස්සර මඩොල්සිම මාර්ගයේ මැටිගහතැන්න ප්රදේශයේදී මාර්ගය මෙසේ අධික වර්ෂාවත් සමඟ ඉකුත් වසරේ දෙසැම්බර් මස 30 වැනි දින නාය යෑමට ලක්ව මාර්ගය මීටර් 70ක පමණ කොටසක් මුළුමනින්ම කැඩී විනාශ වී ගියේය. අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් නාය යෑමට ලක්වූ පස්සර මඩොල්සිම මාර්ගයේ මැටිගහතැන්න ප්රදේශයේ නාය ගිය ස්ථානයේ කන්දේ උඩ පැත්තට සහ පහළ පැත්තේ ආරක්ෂිත ගල්බැමි දෙකක් ඉදි කර නාය යෑමට ලක්වූ ස්ථානය මඟහැර අලුතින් කන්ද දෙසින් මීටර් 70ක පමණ දුර මාර්ගයක් කපා මෙසේ නාය යාමට ලක්වූ මාර්ගයේ රථ වාහන ධාවනය සඳහා මාර්ගය යළි විවෘත කළ බවද මාර්ග සංවර්ධන අධ්කාරියේ විධායක ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.