මාබිම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගෑස් සමාගමක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට හුළං බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී යෑම හේතුවෙන් ඒ පුද්ගලයා මරුමුවට පත්ව තිබේ. මීට සම්බන්ධ එහි සේවකයන් දෙදෙනකු සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මේ සිද්ධියේදී මියගොස් ඇත්තේ එම ආයතනයේ සේවය කළ පාණදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දේශාන් මධුශංක නමැති 24 හැවිරිදි තරුණයෙකි.
ඉකුත් සඳුදා (25) දහවල් එම ආයතනයේ සේවකයන් දෙදෙනකු විහිළුවට, මියගිය සේවකයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා තිබෙන අතර, එයින් අසාධ්‍ය තත්ත්වයට පත්වු ඔහු රාගම මහා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රීයේ මියගොස් තිබේ. මියගිය සේවකයාගේ මරණ පරීක්ෂණය ඊයේ (29) රාගම මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
අත් අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දභඅට වන වියේ පසු වන්නන් වන අතර, ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සිද්ධිය සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) ඩී.පී.එස්. එල්. මුතුකුමාරණ, (පො.සැ) අබේරත්න (19334), පෙරේරා (32560), තිලකරත්න (36589), පුෂ්පකුමාර (55713), ගුණසේකර (67646) යන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යති.