Monday, April 21, 2025
Home » විහි­ළු­වක් කරන්න සිතා පිටි­ප­ස්සෙන් ඇල්ලූ හුළං බටය ගෑස් සේව­ක­යාට මරු කැඳ­වයි

විහි­ළු­වක් කරන්න සිතා පිටි­ප­ස්සෙන් ඇල්ලූ හුළං බටය ගෑස් සේව­ක­යාට මරු කැඳ­වයි

by damith
March 30, 2024 1:21 am 0 comment

මල්වාන සමූහ - මහා­නාම විතා­

මාබිම ප්‍රදේ­ශයේ පිහිටි පෞද්ග­ලික ගෑස් සමාගමක අලු­ත්වැ­ඩියා අංශයේ සේව­ක­ය­කුගේ ගුද මාර්ග­යට හුළං බට­යක් ඇල්ලී­මෙන් බඩ­වැල් පිපිරී යෑම හේතු­වෙන් ඒ පුද්ග­ලයා මරු­මු­වට පත්ව තිබේ. මීට සම්බන්ධ එහි සේව­ක­යන් දෙදෙ­නකු සපු­ග­ස්කන්ද පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙන අතර, මේ සිද්ධි­යේදී මිය­ගොස් ඇත්තේ එම ආය­ත­නයේ සේවය කළ පාණ­දුර, අළු­බෝ­මුල්ල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි දේශාන් මධු­ශංක නමැති 24 හැවි­රිදි තරු­ණ­යෙකි.

ඉකුත් සඳුදා (25) දහ­වල් එම ආය­ත­නයේ සේව­ක­යන් දෙදෙ­නකු විහි­ළු­වට, මිය­ගිය සේව­ක­යාගේ ගුද මාර්ග­යට හුළං බට­යක් අල්ලා තිබෙන අතර, එයින් අසාධ්‍ය තත්ත්ව­යට පත්වු ඔහු රාගම මහා රෝහ­ලට ඇතු­ළත් කර ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙරේදා (28) රාත්‍රීයේ මිය­ගොස් තිබේ. මිය­ගිය සේව­ක­යාගේ මරණ පරී­ක්ෂ­ණය ඊයේ (29) රාගම මහ රෝහ­ලේදී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි.

අත් අඩං­ගු­වට ගත් සැක­කාර සේව­ක­යන් දෙදෙනා තිස්ස­ම­හා­රා­මය ප්‍රදේ­ශයේ පදිංචි දභ­අට වන වියේ පසු වන්නන් වන අතර, ඔවුන් මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

මේ සිද්ධිය සම්බ­න්ධව සපු­ග­ස්කන්ද පොලිස් ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) ඔසිත ලංකා ද සිල්වා මහ­තාගේ උප­දෙස් අනුව අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති (උ.පො.ප) ඩී.පී.එස්. එල්. මුතු­කු­මා­රණ, (පො.සැ) අබේ­රත්න (19334), පෙරේරා (32560), තිල­ක­රත්න (36589), පුෂ්ප­කු­මාර (55713), ගුණ­සේ­කර (67646) යන නිල­ධා­රීහු තව­දු­ර­ටත් පරී­ක්ෂණ පවත්වා ගෙන යති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT