Home » අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද ඇරඹේ
19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’

අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද ඇරඹේ

by sachintha
March 25, 2024 12:45 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ දෙදින ක්‍රිකට් තරගාවලියේ

අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද (25) ඇරඹේ.

ඒ අනුව කොළඹ ඩී.එස්.සේනානායක සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර අර්ධ අවසන් පූර්ව තරගය අද මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ඩී.එස්.සේනානායක පිල පළමු වටයේ වයි කාණ්ඩයේ ශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර ත්‍රිත්ව විදුහල පළමු වටයේදී එක්ස් කාණ්ඩයේ සිව්වැනි ස්ථානයෙන් මේ වටයට එක්විය.

ගවිරු සෙංහස් ඩී.එස්. පිල මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මනුල කුලරත්න ත්‍රිත්ව පිල මෙහෙයවයි.

කොළඹ මහානාම විදුහල සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල් අතර අර්ධ අවසන් පූර්ව තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.

මහානාම විදුහල පළමු වටයේදී එක්ස් කාණ්ඩයේ අනුශූරයන් ලෙසත්, සාන්ත අන්තෝනි විදුහල් පළමු වටයේදී වයි කාණ්ඩයේ තෙවැනි ස්ථානයෙනුත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුවිඳු රණතුංග මහානාම විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, තිසර ඒකනායක කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාල පිල මෙහෙයවයි.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT