Monday, April 21, 2025
Home » කෝටි 2කට ආසන්න අයිස් එක්ක ඔරුගොඩවත්ත චප්පා සහ රියැදුරු කොටු

කෝටි 2කට ආසන්න අයිස් එක්ක ඔරුගොඩවත්ත චප්පා සහ රියැදුරු කොටු

by sachintha
March 25, 2024 12:25 am 0 comment

 

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු දෙමටගොඩ, බේස්ලයින් පාර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔරුගොඩවත්ත චප්පා නමැත්තෙකි. අනෙක් සැකකරු ත්‍රිරෝද රථයේ රියැදුරාය. එම සැකකරු බොරැල්ල සහස්පුර පදිංචිකරුවෙකි. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,580ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා දියත් කරන ලද විශේෂ මෙහෙයුමේදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයන්ගේ නාම ලේඛනයට පරිබාහිරව, කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 39 හා 41 අතර වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අන්සලම් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රදීප් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT