Home » රාජ්‍ය සේවකයන්ගේ කලා කුසලතා එළිදැක්වේ

රාජ්‍ය සේවකයන්ගේ කලා කුසලතා එළිදැක්වේ

by sachintha
March 25, 2024 12:40 am 0 comment

රාජ්‍ය සේවකයන්ගේ කලා කෞෂල­්‍යයන් එළැදැක්වීමේ අරමුණින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. එහි පළමු පියවර ලෙස Talent Show නමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වැඩසටහනක් සංවිධාන කර තිබුණි.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතාගේ ආරාධනය පරිදි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම Talent Show වැඩසටහන එම ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවක සේවිකාවෝ තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරු, සාමානාධිකාරීවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරිහු සහභාගි වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT