Home » කිතුනු ගායනා ශෛලීන් වන පසම්-ලතෝනි ගායනා ලෝක උරුමයක් වෙයි

කිතුනු ගායනා ශෛලීන් වන පසම්-ලතෝනි ගායනා ලෝක උරුමයක් වෙයි

by sachintha
March 25, 2024 12:39 am 0 comment

කිතුනු ගායනා ශෛලීන් වන පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත්කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ පසම් සහ ලතෝනි ගායනා 60ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ පසුගියදා (22) පැවති උත්සවයකට එක්වෙමිනි.

එසේම පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසම් සහ ලතෝනි ගායනා සංරක්ෂණ කටයුතු සිදුකෙරිණි.

පසම් සහ ලතෝනි ගායනා කිරීම සඳහා කලමුල්ල, කටුකුරුන්ද, මග්ගොන, මුංහේන, මහා පයාගල, කුඩා පයාගල, දියලගොඩ, වාද්දුව හා ගාල්ල නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහභාගී විණි.

අති උතුම් දේවධර්මාචාර්ය ජූඩ් නිශාන්ත රදගුරු හිමිපාණන් සහ කතෝලික පුජකවරු, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පින්තු, දෙපාර්තමේන්තු නිලධාරීන්, පසම් සංරක්ෂණ කමිටු සාමාජිකයන්, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT