මහ කන්නයෙන් ලද වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 6 දා පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ.
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණ වේ. අලුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාව විසින් පරිත්‍යාග කරන 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත් අලුත් සහල් භාර ගැනීම මේ දිනවල දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් සිදු කෙරේ. එම සහල් භාර ගැනීමේ අවසන් දිනය අද (25) බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්.එල්. අබේරත්න මහතා පවසයි.
බුද්ධිකා ඉඹුලාන