Home » කමිඳු ධනා එකතුව ලෝක වාර්තා අතරට යයි

කමිඳු ධනා එකතුව ලෝක වාර්තා අතරට යයි

by yasara
March 24, 2024 5:01 pm 0 comment

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිම් ද්විත්වයේම ශතක වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වු අතර, එය සුවිශේෂී ලෝක වාර්තාවක්ද වෙයි.

කමිඳු මෙම තරගයේ ඉනිම් ද්විත්වයේම අංක 07 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 164ක් රැස් කළේය.

මෙලෙස ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අංක 07 හෝ ඉන් පසු පන්දුවට පහරදීමට පැමිණ, ඉනිම් දෙකේදීම ශතක ලබාගත් පළමු ක්‍රීඩකයා වන්නේ කමිඳුය.

මේ අතර මෙම තරගයේදී ධනංජයද ශතක රැස්කිරීමට සමත් වූ අතර, ඒ අනුව ටෙස්ට් තරගයකදී එවන්නක් මීට පෙර සිදුව ඇත්තේ අවස්ථා දෙකකදී පමණි.

මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියානු පිතිකරු යුගලයක් චපල් සහෝදරයන් 1974 වසරේදී නවසීලන්තයට එරෙහිව හා අසර් අලි හා මිස්බා උල් හක් 2014 වසරේදී ඔස්ට්‍රේලිවට එරෙහිවය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT