Home » රසල්, රානාගේ දක්ෂතා නිසා KKR පිලට තියුණු ජයක්

රසල්, රානාගේ දක්ෂතා නිසා KKR පිලට තියුණු ජයක්

by chanaka
March 24, 2024 7:58 am 0 comment

ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතර ඊයේ(23) පැවති තරගය ලකුණු 04කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව අන්ඩ්‍රි රසල්ගේ තුන් ඉරියව් දක්ෂතා හා හර්ෂිත් රානා යොමු කළ විශිෂ්ඨ අවසන් පන්දුවාරය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(23) සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කඩුලු 07ක් දැවී ලකුණු 208ක් ලබාගත් අතර සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 204ක් පමණි.

තරගය ජය ගැනීමට සන්රයිසස් හයිදරාබාද් පිලට අවසන් පන්දුවාර 3 තුළ දී ලකුණු 60 ක් අවශ්‍ය වූ පසුබිමක විශිෂ්ඨ ප්‍රහාරයක් දියත් කිරීමට හෙන්රික් ක්ලාසන් සමත් වුණේ තරගයේ ජය පිළිබද බලාපොරොත්තු සන්රයිසස් ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙමිනි.

ඔහු පන්දු 29 කින් ලකුණු 63 ක් වාර්තා කළේ හයේ පහර 8ක් සමගිනි. අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට ද හයේ පහරක් එල්ල කිරීමට ක්ලාසන් සමත් වූ අතර, ඒ අනුව අවසන් පන්දු 5 තුළ දී සන්රයිසස් පිලට ජය ගැනීම සදහා අවශ්‍ය වූයේ ලකුණු 7 ක් පමණි.

කෙසේ වෙතත්, ඉතිරි පන්දු 5 විශිෂ්ඨ අන්දමින් යොමු කරමින් ශහ්බාස් අහ්මඩ්ගේ හා ක්ලාසන්ගේ කඩුලු දවා ගනිමින් කොල්කටා කණ්ඩායමට අනර්ඝ ජයක් හිමි කර දීමට හර්ෂිත් රානා සමත් විය.

ක්ලාසන් හා ශහ්බාස් අතර 6 වැනි කඩුල්ලට පන්දු 16 කින් වාර්තා වූ සම්බන්ධතාවය ලකුණු 58 ක්. ශහ්බාස් ලකුණු 16 යි (පන්දු 5කින්).

පන්දු යැවීමේ දී හර්ෂිත් රානා ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අන්ඩ්‍රි රසල් ලකුණු 25 කට කඩුලු 2ක් බිද හෙලීය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 119 දී බිද වැටුණු පසුබිමක පිටියට පිවිසි අන්ඩ්‍රි රසල් තරගයේ පාලනය හයිදරාබාද් පිලෙන් උදුරා ගනිමින් පන්දු 25 කින් නොදැවී ලකුණු 64 ක් වාර්තා කිරීමට සමත් විය. ඒ, දැවැන්ත හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමගිනි.

ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලකුණු 54 ක් රැස් කළේ පන්දු 40 කිනි. හයේ පහර හා හතරේ පහර 3 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්විය.

පන්දු යැවීමේ දී ටී නටරාජන් ලකුණු 32 කට කඩුලු 3ක් දවා ගත් අතර, මයාන්ක් මාකන්ඩේ කඩුලු දෙකක් බිද හෙලීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT