Monday, April 21, 2025
Home » ගාලු පාර අවහිර කරමින් විරෝධතාවයක්

ගාලු පාර අවහිර කරමින් විරෝධතාවයක්

by yasara
March 24, 2024 5:21 pm 0 comment

පානදුර ගාලු පාරේ පිහිටා ඇති අනගාරික ධර්මපාල පිළිරුව අභියස රට බීමහලක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පෙහෙවස් සමාදන් වූ පින්වතුන් රැසක් අද (24) පස්වරුවේ  පානදුර ගාලු පාරේ එක් මං තීරුවක් මුළුමනින්ම අවහිර කරමින් විරෝධතාවක් සිදුකර තිබෙයි.

භික්ෂූන් වහන්සේලා හතළිහක් පමණ සහ පෙහෙවස් සමාදන් වූ පිංවතුන් 400 ක් පමණ මේ සඳහා සහභාගී වී සිටියහ.

දම්පල් පිළිරුව ඉදිරියේ තැබෑරුම වහා ඉවත් කරනු, පානදුර නගරයට තැබෑරුම් එපා, දැයේ විරුවන්ට අවමන් නොකරනු යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව විනාඩි 45 ක පමණ කාලයක් ඔවුහු විරෝධතාවයේ නියැලී සිටියහ.

විනාඩි තිහක පමණ කාලයක් ගාලු පාර අවහිර වීමෙන් ඇති වූ වාහන තදබදය විකල්ප මාර්ග භාවිතා කරමින් මගහැරවීමට පානදුර දකුණ පොලිසිය කටයුතු කර ඇත

මේ පිළිබඳ අදහස් දැක්වූ පානදුර ප්‍රාදේශීය ලේකම් ජයදේවී කොඩිතුවක්කු මහත්මිය සදහන් කලේ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් ඇයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT