Home » සිංහයන්ගෙන් බංගලියන්ට ලකුණු 511ක ඉලක්කයක්

සිංහයන්ගෙන් බංගලියන්ට ලකුණු 511ක ඉලක්කයක්

by yasara
March 24, 2024 4:19 pm 0 comment

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස් කළහ

එහිදී ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමඟ ලකුණු 164ක් රැස් කරමින් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළේය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා අද සිය 12 වන ටෙස්ට් ශතකය රැස් කර ගැනීමට සමත්විය.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස් කළ අතර බංගලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 188ක් පමණි.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංගලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511කි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT