Home » මොස්කව් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට – පුටින් ප්‍රකාශයක් කරයි

මොස්කව් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට – පුටින් ප්‍රකාශයක් කරයි

by chanaka
March 24, 2024 8:12 am 0 comment

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 140 ක් පමණ වන බව නවතම විදෙස් වාර්තාවල දක්වා ඇත.

සැකකරුවන් 11 දෙනෙකු රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු ඍජුවම ප්‍රහාරයට සම්බන්ධ බව සඳහන් වේ.

ඒ අනුව ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් සිව්දෙනාම අත්අඩංගුවට ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

රුසියානු ජනාධිපති පුටින් මේ සම්බන්ධයෙන් කියා සිටියේ, රුසියාවේ වසර 20කට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ මාරාන්තිකම සංහාරය “ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක්” මෙම සිද්ධිය හෙළා දකින බවයි.

මොස්කව් අගනුවර තදාසන්න ක්‍රෝකස් නගර ශාලාවේ පසුගියදා (22) රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයට ත්‍රස්තවාදීන් ඇතුළුවූයේ ස්වංක්‍රීය ගිනි අවිවලින් වෙඩිතබමින් සහ අත් බෝම්බ ප්‍රහාර එල්ල කරමිනි. එම අවස්ථාවේදී රංග ශාලාව තුළ 6,200කට ආසන්න පිරිසක් රැස්ව සිටියේ, පික්නික් නැමැති රුසියානු සුප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමේ සංගීතය රසවිඳීම සඳහාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT