Home » නිල චාරිකාවක් සඳහා අගමැති චීනයට

නිල චාරිකාවක් සඳහා අගමැති චීනයට

by chanaka
March 24, 2024 8:00 am 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල චාරිකාවක් සඳහා හෙට (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතය.

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වේ.

අග්‍රාමාත්‍යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT