සංචාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි(24).
ඊයේ (23)දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 119කි.
දෙවැනි දිනය සඳහා ඊයේ තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටියේය.
ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සීමාවූ අතර පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 3 බැගින් දවා ගත්තේය.
අනතුරුව ලකුණු 92ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල දෙවන දිනය නිමා වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 119ක් රැස්කර ගනිමින් ලකුණු 211ක් ඉදිරියෙන් පසුවිය.