613
රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද(24) ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වඩා තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකිය.
කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර දිස්ත්‍රික්යේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.