Home » පින්නවල අලිඅනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබයි

පින්නවල අලිඅනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබයි

by yasara
March 22, 2024 2:57 pm 0 comment

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පිංන්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා පසුගිය ඉකුත් 20 දින උපත ලැබීය.

ඒ් පින්නවල අලි අනාථාගාරයේ වයස 32 ක් වූ ශාන්ති කෙනෙරට සහ වයස අවුරුදු 19 ක් වූ පණ්ඩු හස්තියාට දාව මෙම අලි පැටවා උපත ලබා ඇත

පින්නවල අලි අනාථාගාරය 1975 වර්ෂයේ පෙබරවාරි මස 16 වන දින එවකට අමාත්‍යවරයෙකුව සිටි පී.බි.ජි.කලුගල්ල මහතාගේ සංකල්පයකට අනුව අලි පැටවුන් 5 දෙනෙකුගෙන් ආරම්භ වූවකි.

පින්නවල අලි අනාථාගාරයේ සිදු වු ප්‍රථම අලි උපත සිදුව ඇත්තේ1984/07/05  කුමාරි කෙනෙරට දාව උපන් සුකුමලිය.

අලි අනාථාගාරයේ වැඩිම පැටවුන් සංඛ්‍යාවක් උපත ලැබූ වර්ෂය 2011 වන අතර එම සංඛ්‍යාව 15 කි.

පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම නිවුන් අලි උපත සිදු වුයේ 2021අගෝස්තු මාසයේ දී වාර්තා විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT