Friday, April 25, 2025
Home » ඉන්දියාව සහ පැරිස් සමාජයේ රටවල්වලින් ශ්‍රී ලංකාවට සහනයක්

ඉන්දියාව සහ පැරිස් සමාජයේ රටවල්වලින් ශ්‍රී ලංකාවට සහනයක්

by chanaka
March 22, 2024 2:54 pm 0 comment

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ.

එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා ඇති බවද සඳහන් ය.

“සාකච්ඡා පවතින්නේ අවසන් අදියරේ. කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙයි.” යනුවෙන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් නිලධාරියෙක් හෙළිකළ බව ද හින්දු වෙබ් අඩවිය වාර්තා කළේය.

එසේම මූලික එකඟතාවය සම්බන්ධයෙන් ණයහිමි රටවල නියෝජිතයින් ගෙන් සමන්විත කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි.

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා එම කමිටුව නිර්මාණය කර ඇති අතර නමුත් චීනය එහි සාමාජිකත්වය නොදරයි.

ඔවුන් එම සාකච්ඡා සඳහා එක් වන්නේ නිරීක්ෂකයෙක් වශයෙනි.

චීන ණය ගෙවීමේ ක්‍රමවේදය සහ අනෙක් රටවලට ණය ගෙවීමේ ක්‍රමවේදය එක සමාන කොන්දේසි මත එකඟවන බව ශ්‍රී ලංකාව අදාළ කමිටුවට පොරොන්දු වී තිබේ.

2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම පැහැර හැරීය. ගෙවීමට ඇති බාහිර ණය ඩොලර් බිලියන 50ක් බව සඳහන්වේ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT