Home » ලොව පළමු වරට මොළයට චිප් එකක් බද්ධ කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම අරඹයි

ලොව පළමු වරට මොළයට චිප් එකක් බද්ධ කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම අරඹයි

by chanaka
March 22, 2024 12:47 pm 0 comment

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වී තිබේ.

ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් විසින් ආරම්භ කළ නියුරාලින්ක් ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිස් මොළයට චිප් එකක් සවි කිරීම පසුගිය ජනවාරි මාසයේ සිදු කෙරුණි.

ඒ කිමිදීමට යාමේදී සිදු වූ අනතුරකින් උරහිසට පහළින් අංශභාග තත්ත්වයට පත්ව සිටින 29 හැවිරිදි අයෙකුටය.

එම සැත්කමෙන් පසු අනාවරණ වී ඇත්තේ ඔහුට තම සිතුවිලි පමණක් භාවිත කරමින් පරිගණක කර්සරයක් හෝ යතුරු පුවරුවක් පාලනය කල හැකි බවය.

ඒ අනුව චිපය බද්ධ කළ රෝගියාට ඔහුගේ සිතුවිලි භාවිතයෙන් පරිගණක මවුස් එකක් පාලනය කළ හැකි බව සනාථ වී ඇත.

Elon Musk, X පණිවුඩයක් යොමු කරමින් සඳහන් කළේ චිප් එකක් මොළයට සවි කිරීමේ සැත්කම පහසු කාර්යයක් වන අතර එලෙස සිදු කළ පළමු සැත්කමට ලක්වූ පුද්ගලයා මනසින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවට හඳුනා ගත් බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ ස්නායු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ කිප් ලුඩ්විග් පැවසුවේ මෙම තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු අතර මෙය ආරම්භක මට්ටමේ පවති.

AUSලංකා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT