Home » මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ අභාවප්‍රාප්ත වෙයි

by yasara
March 22, 2024 12:26 pm 0 comment

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි

මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය.

සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙයි.

නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය ඇතුළත්ව ඔහු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය 54කි.

එමෙන්ම ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහා ද ඔහු ඉහළ දායකත්වයක් සපයා තිබෙයි

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT