Home » සාප­ලත් යුද්ධය නිම කළ ශ්‍රේෂ්ඨ ජන නාය­කයා හිටපු ජන­පති මහින්ද රාජ­පක්ෂ

සාප­ලත් යුද්ධය නිම කළ ශ්‍රේෂ්ඨ ජන නාය­කයා හිටපු ජන­පති මහින්ද රාජ­පක්ෂ

කිරි­ඳි­වැල සෝම­ර­තන නාහිමි

by Gayan Abeykoon
March 19, 2024 1:09 am 0 comment

දිගා­ම­ඬුල්ල විශේෂ - වසන්ත චන්ද්ර­පාල
හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා කිරි­ඳි­වැල සෝම­ර­තන හිමි­යන්ට නායක පද­විය පිළි­බඳ සන්නස පිරි­න­මන අව­ස්ථාව
මහා සංඝරත්නය ඇතුළු රැස්ව සිටි පිරිස

මහා සංඝරත්නය ඇතුළු රැස්ව සිටි පිරිස

ජනා­ධි­ප­ති­ව­රුන් හතර දෙනකු යටතේ නිම කිරී­මට නොහැකි වූ සාප­ලත් යුද්ධය සියලු අභි­යෝග සහ බල­පෑම් හමුවේ නිම කර­න්නට ශ්‍රේෂ්ඨ ජන නාය­කයා වූ මහින්ද රාජ­පක්ෂ මහතා පිය­වර ගත් බව උතුරු නැඟෙ­න­හිර සමථ බල­ම­ණ්ඩල ප්‍රධාන අධි­ක­රණ සංඝ­නා­යක ධුර­යෙන් අභි­න­ව­යෙන් පිදුම් ලද අම්පාර මහා­වාපි විහා­රා­ධි­පති, අර­න්ත­ලාව ජාත්‍ය­න්තර බෞද්ධ මධ්‍ය­ස්ථා­නා­ධි­පති, ශාස්ත්‍ර­පති කිරි­ඳි­වැල සෝම­ර­තන නාහි­මියෝ පැවැ­සූහ.  

උන්ව­හන්සේ මෙලෙස සඳ­හන් කළේ අධි­ක­රණ සංඝ­නා­යක පද­විය ලැබීම හේතු­වෙන් අර­න්ත­ලාව ජාත්‍ය­න්තර බෞද්ධ මධ්‍ය­ස්ථා­නයේ පැවැති උත්ස­ව­ය­ක­දීය.

මෙහි ප්‍රධාන ආරා­ධි­තයා ලෙස හිටපු ජන­පති මහින්ද රාජ­පක්ෂ මහතා පැමිණි අතර, මුල­සු­නෙහි මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක නියං­ගොඩ විජි­ත­සිරි හිමියෝ වැඩ සිටි­යහ.

අභි­න­ව­යෙන් නායක පද­විය ලැබූ කිරි­ඳි­වැල සෝම­ර­තන හිමි­යන්ට සිය නායක පද­විය පිළි­බඳ සන්නස හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා විසින් පිරි­න­මන ලද අතර, විජි­නි­පත පිළි­ගැ­න්වීම දිගා­ම­ඬුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි ඩබ්. ඩී. වීර­සිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.

එහිදී අනු­ශා­ස­නා­වක් කර­මින් කිරි­ඳි­වැල සෝම­ර­තන හිමියෝ මෙලෙස පැවැ­සූහ.

“යුද්ධය ඉවර කරන්න බෑ කියලා විවිධ පුද්ග­ල­යන් කිව්වා. විරු­ද්ධ­වා­දීන් ආයුධ නෑ කිව්වා. රටට ද්‍රෝහී­කම් කළ අය යුද්ධය ඉවර කරන්න බෑ කිව්වා. විවිධ රට­ව­ලින් බල­පෑම් ආවා. ජනා­ධි­ප­ති­ව­රුන් හතර දෙන­කුට ඉවර කන්න බැරි වුණු යුද්ධය මහින්ද රාජ­පක්ෂ ජන නාය­කයා නිම කළා.

දැන් එක­එක හමු­දා­ප­ති­ව­රුන් කිය­නවා මමයි මේක කළේ, අපි තමයි මේක කළේ කියලා. ඒ අය පුර­සා­රම් දෙඩෙ­ව්වත් එදා මේ යුද්ධය ඉවර කරන්න කියලා අණ දුන්නු සේනා­ධි­නා­ය­කයා මහින්ද රාජ­පක්ෂ මහතා බව රටම දන්නවා. අද මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ ජන­තාව ජීවත් වෙන්නේ ඔබ­තු­මාට පින්සිද්ධ වෙන්න. මේ ගම්වල මිනිස්සු හත­රට පහට දරු­වොත් අරන් කැලෑ වදි­නවා. මේ පාර හැන්දෑවේ පහට වහ­නවා. ඊට පසුදා උදේ නව­යට පාර අරින්නේ. කොළඹ යන ජන­තා­වට මුර­පො­ළ­වල් 18ක බහින්න සිද්ධ වෙනවා, ආර­ක්ෂක අංශ­වල පරි­ක්ෂා­වට ලක් කරන්න. එක ගෙදර දූ දරුවෝ, අම්මා, තාත්තා වාහ­න­යක ගියේ නෑ. මේ ත්‍රස්ත­වා­දය කොහො­ම­හරි නිම කළ නිසා ජන­තාව අදත් බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනවා. ඒ ගෞර­වය අපි කව­දත් ඔබ­තු­මාට දෙනවා.

හෑගොඩ ශ්‍රී ඉන්ද්‍ර­සාර හිමි­යන් ඇතුළු භික්ෂූන් වහ­න්සේලා ඝාත­නය කළ මේ අර­න්ත­ලාව භූමිය ගොඩ­න­ගන්න සහාය දුන්නේ ඔබ­තු­මයි. මගෙන් බොහෝ දෙනෙක් ඇහුවා, ඇයි මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා මේ උත්ස­ව­යට ගෙන්වන්නේ කියලා. මම කිව්වා රට බේරා දුන් නාය­කයා මහින්ද රාජ­පක්ෂ, අද මේ රටේ මිනිස්සු යුද බිය නැතුව ජීවත් වෙන්නේ මහින්ද රාජ­පක්ෂ නිසයි කියලා. ඒ නිසා මේ උත්ස­ව­යට එතු­මාට ආරා­ධනා කළා කියලා.”

මෙහිදී මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක යක්කල දේශීය වෛද්‍ය විද්‍යා­ලයේ කුල­පති, රාජ­කීය පණ්ඩිත නියං­ගොඩ ධර්ම­කීර්ති ශ්‍රී සංඝ­ර­ක්ඛිත විජි­ත­සිරි හිමි, ඇතු­ල්කෝට්ටේ ශ්‍රී මහි­න්දා­රා­මා­ධි­පති, ශ්‍රී ලංකා නිපෝන් ආය­ත­නයේ මහ­ලේ­කම්, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර කෝට්ටේ ප්‍රධාන සංඝ­නා­යක මීග­හ­තැන්නේ චන්ද්‍ර­සිරි හිමි, අධ්‍ය­පන අමා­ත්‍යාං­ශයේ පිරි­වෙන් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල්, ආචාර්ය කුඹ­ල්ගොඩ ධම්මා­ලෝක හිමි ආදීහු මෙම උත්සව සභාව ඇම­තූහ.

මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛ­කා­ධි­කාරි, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චාර්ය, දර්ශ­න­පති මහා­වෙල රත­න­පාල හිමි­යන් සංඝ­නා­යක පද­විය පිළි­බ­ඳව ශ්‍රී සන්නස් පත්‍රය කිය­වනු ලැබීය.

අධ්‍යා­පන සහ පිරි­වෙන් පිළි­බඳ රාජ්‍ය ඇමැති විජිත බේරු­ගොඩ, දිගා­ම­ඬුල්ල පාර්ලි­මේන්තු මන්ත්‍රි ඩබ්.ඩී. වීර­සිංහ, හිටපු ඇමැති පී. දයා­රත්න, නැඟෙ­න­හිර ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන්, නැඟෙ­න­හිර පළාත් සභාවේ සභා­පති චන්ද්‍ර­දාස ගල­ප්පත්ති, අම්පාර දිසා­පති චින්තක අබේ­වි­ක්‍රම, නැඟෙ­න­හිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අජිත් රෝහණ, අම්පාර නියෝජ්‍ය පොලි­ස්පති දම­යන්ත ශ්‍රී විජය, අම්පාර කොට්ඨාස භාර පොලිස් අධි­කාරි නන්දන ජය­පත්ම යන මහ­ත්ව­රුන් ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට සහා­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT