පාසල් ළමයින්ට අලෙවි කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා බව කියන මත් කරල් එක් දහස් පන්සියයක් ළඟ තබාගෙන සිටි අයෙක් ඌරගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලද තොරතුරක් මත කළ වැටලීමකදී පොලිසියේ ත්‍රිරෝද රථය දැක පලායද්දී ලුහුබැඳ ගොස් ඌරගස්මංහන්දිය කිරිමැටියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ අවස්ථාවේ විසි එක් හැවිරිදි අයකු වූ ඔහු ළඟ මෙම මත් කරල් තිබූ බවත්, ඒ වන විටත් ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කොට මත් වී තිබූ බවත් පොලිසිය පවසයි.
2025 අගෝස්තු මස කල් ඉකුත් වන මෙම මත් කරල් ඌරගස්මංහන්දිය අවට පාසල්වල සිසුන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ උග්‍ර වේදනා නාශක ඖෂධ වර්ගයක් බව ද පොලිසිය පවසයි.