හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් උදෙසා පුෂ්පෝපහාර පවත්වා තිබේ.
මේ දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක ප්රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට පැමිණ තිබෙන යුවරාජ් සිංට අමතරව මොන්ටි පනිසාර් ඇතුළු ක්‍රීඩකයන් රැසක් දළදා මාලිගාවට පැමිණ බව ශ්‍රී දළදා මාලිගාවේ ජයම්පති වැද්දාගල මහතා කීවේය.
දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාලිගාවේ ඇත්ගාල නැරඹීමට ගිය යුවරාජ් සිං එහි අලි ඇතුන්ට ආහාර දෙමින් පැයකට ආසන්න කාලයක් ගත කර තිබේ.
දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ මයුර රොෂාන් මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය හා බැඳුණු සියලු තොරතුරු සම්බන්ධයෙන් යුවරාජ් සිං මහතා දැනුවත් කරනු ලැබීය.