අධිකරණ නියෝග කඩ කිරීම් තුනක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක වරද පිළිගත් ව්‍යාපාරිකාවක වන තිළිණි ප්‍රියමාලි දැඩි අවවාද මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15) නියෝග කළේය. සැකකාරියට රුපියල් 1500ක දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් සති දෙකක සිර දඬුවම් නියම කළේය.කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකාවක වන තිළිණි ප්‍රියමාලිට රන් මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයක දී තිබූ ඇප කොන්දේසියක් කඩ කරමින් දින තුනක් පොලිසියට වාර්තා නොකිරීම මත කොටුව පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඇය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර එම නියෝගයෙන් අනතුරුව මෝසමක් ගොනු කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල අධිකරණයෙන් සමාව අයැද සිටින බවට කළ දැනුම් දීම මත මහේස්ත්‍රාත්වරයා ඇය පෙර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය. ඇය වෙනුවෙන් කරුණු දක්වමින් මුල් උත්තරවාදය ඉල්ලා අස් කර ගන්නා බවත් නැවත මෙවැනි වැරදි සිදු නොකිරීමට වගබලාගන්නා බවත් නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දුන්නේය. අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළ දින තුනට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කෙරුණු අතර මේවා හොර වෛද්‍ය වාර්තා බවට මහේස්ත්‍රාත්වරයා දැනුම් දෙමින් මේවා මත සලකා ඇප නොදෙන බවත් අධිකරණයේ වරද පිළිගෙන සමාව අයැදීම මත සැකකාරිය මුදා හරින බවත් දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන ජූලි මස 26 යළි කැඳවන ලෙස නියෝග කළේය.