Tuesday, April 22, 2025
Home » ඇ‍ෙමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික යුවළකගෙන් බණ්ඩාරවෙල පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය

ඇ‍ෙමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික යුවළකගෙන් බණ්ඩාරවෙල පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය

by sachintha
March 13, 2024 2:22 am 0 comment

අ‍ෙමරිකානු රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික යුවලක් බණ්ඩාරවෙල නගරයට පැමිණ බණ්ඩාරවෙල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ ආදර්ශවත් සද්ක්‍රියාවක් ඊයේ (12) බණ්ඩාරවෙල දී සිදු කෙරිණ.

මෙම සද්ක්‍රියාව සිදු කරනු ලැබූයේ අ‍ෙමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික යුවළක් වන ගයාන් අජිත් සේනාරත්න සහ ගංගා නිල්මිණි සේනාරත්න යුවළ විසිනි.

කොළඹ කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් සන්තරණ සේවා අංශයේ ප්‍රධානී ලෙස සේවය කරමින් සිටියදී හදිසියේ මියගිය මොවුන්ගේ සහෝදරයකු වන නිශාන් අබේවර්ධන මහතාට පිංපතා මෙම සද්ක්‍රියාව සංවිධාන කර තිබිණ.

බණ්ඩාරවෙල කහත්තේවෙල සංඝරාජ පිරිවෙන් සුදර්ශනාරාම විහාරස්ථානයේ දී මෙම සද්කාර්ය සිදු කෙරිණ.

මෙම සද්ක්‍රියාව විශ්‍රාමික දුම්රිය රියැදුරු සිරිල් සුගතදාස මහතා විසින් සංවිධාන කර තිබිණ.

ගයාන්, ගංගා යුවළ මෙහිදී සඳහන් කර සිටියේ හදිසියේ මියගිය සිය නිශාන් අබේවර්ධන සහෝදරයාට පිංපතා රට පුරා මෙසේ මෙම සද්ක්‍රියාව සිදු කරන බවයි.

සොරණාතොට සමූහ සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT