Saturday, April 19, 2025
Home » ඉඩොරයෙන් පීඩා විඳින පින්නවල අලි ඇතුන්

ඉඩොරයෙන් පීඩා විඳින පින්නවල අලි ඇතුන්

by yasara
March 13, 2024 12:23 pm 0 comment

මේ  දිනවල පවතින දැඩි ඉඩෝරයත් සමග මා ඔයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැසිම නිසා පින්නවල අලි ඇතුන්ට දිය නැමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

පින්නවල අලි අනාථාගාරය 1975 පෙබරවාරි මස16 වන දින එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතුකල දිවංගත පි.බි.ජි.කළුගල්ල මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූවකි.

වර්තමානයේ අලි ඇතුන් 69 කු පමණ වාසය කරන අතර, මෙම අලි ඇතුන් සදහා දිය නෑමට යොදාගනු ලබන්නේ අලි ආනාථාගාරය ආසන්නයෙන්ලා බසින මා ඔයයි.

දෙසි විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පින්නවලට පැමිණෙන්නේ අලි ඇතුන්ගේ දි නෑම ඇතුළු ඔවුනගේ ක්‍රියාකාරකම් දැක ගැනීමේ අරමුණිනි.

අලි අනාථාගාරයේ අලි ඇතුන් කාලසටහනකට අනුව මා ඔයට රැගෙන විත් ඔවුන්ට රිසි සේ දිය නෑමේ පහසුකම් තිබුණද ඉඩෝර කාලවලදි ඔවුනට එම අවස්ථාව අහිමිව තිබුණ ද,එයට තාවකාලික පිළියමක් ලෙස ජල ඉසිනයක් සවිකර එමගින් අලි ඇතුන්ගේ පිටමතට ජලය ඉසින ආකාරය දැක ගැනීමට හැකිය.

මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින මෙම වියලි කාගුණික තත්ත්වය හේතුවෙන් මා ඔයේ ජල මට්ටම සීග්‍රයෙන් පහළබැසීම හේතුවෙන් ගල්තලා මතුවි තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT