Home » ගුවන් හමුදා 73 සංවත්සරයට සමගාමි Air Tattoo දැක්ම සාර්ථකව නිමා වේ

ගුවන් හමුදා 73 සංවත්සරයට සමගාමි Air Tattoo දැක්ම සාර්ථකව නිමා වේ

by sachintha
March 13, 2024 2:53 am 0 comment

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අයුරු

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමිව සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ‘Air Tattoo’ අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ අවසන් දිනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවැත්විණි.

පුරා දින පහක් පැවති මේ අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය නැරඹීමට උතුරු පළාතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් පැමිණි අතර මේ ප්‍රදර්ශනයේදී ගුවන් හමුදාව ඉදිරිපත් කළ ගුවන්යානා සන්දර්ශන, පැරිෂුට් සන්දර්ශන, සරඹ සන්දර්ශන, ගිනි නිවීමේ නිදර්ශනාත්මක සන්දර්ශන, හදිසි මුදාගැනීම් පිළිබඳ නිදර්ශනාත්මක සන්දර්ශන, සුනඛ සන්දර්ශන ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත විය.

උතුරු පළාතේ තරුණ තරුණියන් විශාල පිරිසක් මේ ප්‍රදර්ශන භූමියේ ඇති ගුවන් හමුදා ආධුනිකයන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වීම විශේෂ සිදු වීමක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT