බේරුවල ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට තරුණ කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී ඊයේ (12)රාත්‍රියේ 9.30ට පමණ හමුවු බව බේරුවල පොලිසිය කියයි .
මෙසේ ගොඩගසා ඇති මළ සිරුර කාගේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති තැනැත්තිය වයස අවුරුදු විසි හයක පමණ කාන්තාවක් බවට පෙනී යන බවද පොලිසිය සඳහන් කළේය.
මළ සිරුර ගොඩ ගසා තිබූ ස්ථානයට බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග පැමිණ ඒ පිලිබදව මුලික මරණ පරීක්ෂණය සිදුකර අතර එම කාන්තා මළ සිරුර හදුනාගැනිමට මහජන සහය අපෙක්ෂා කරන බව බේරුවල පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබෙයි