Home » මරණාධාරයක් වූ සහනාධාර

මරණාධාරයක් වූ සහනාධාර

by chanaka
March 9, 2024 12:27 pm 0 comment

ගාසා තීරයට ඊයේ ගුවනින් හෙළන ලද ආධාර තොගයකට යට වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

‍ගාසා නගර‍යේ “ෂාටි” සරණාගත කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ ආහාර ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් රැසව සිටි පිරිසක් මතට මෙම ආධාර ‍තොගය සහිත පැරෂුටය කඩා වැටී ඇති බව, විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.

අමෙරිකා එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල් විසින් ඉකුත් දිනවල ගාසා තීරයට මානුෂීය ආධාර ගුවන් මගින් ලබා දීමට පියවර ගනු ලැබීය.

ජෝර්දානයට අයත් ගුවන් යානයකින් හෙලු ආහාර තොගයක් නිසා අනතුර සිදුවූ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජෝර්දානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ ලක්‍ෂ 23 ක ජනගහනයෙන් හතරෙන් එකක පිරිසක් මේ වන විට දරුණු සාගතයෙන් පෙළෙමින් සිටින බවයි. කුස ගින්න හේතුවෙන් එහි දරුවන්ගේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට එම සංවිධානය අනතුරු අඟවයි. ගසා තීරයේ ආහාර මෙන්ම, වෛද්‍ය සැපයුම්හි දැඩි හිඟයක් ද මතුව ඇති බව, වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT