Monday, April 21, 2025
Home » දියේ ගිලෙමින් සිටි කත බේරාගත් හමුදා සෙබළාගේ සේවය අගයයි

දියේ ගිලෙමින් සිටි කත බේරාගත් හමුදා සෙබළාගේ සේවය අගයයි

by chanaka
March 7, 2024 3:05 pm 0 comment

සියදිවි හානි කරගැනීමේ අරමුණින් කොත්මලේ ජලාශයට පැන දියේ ගිලෙමින්සිටි කාන්තාවකගේ දිවි බේරාගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එච්.පී ප්‍රභාත්⁣ගේ සේවය යුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් අගය කරනු ලැබිණ.

එම සෙබළ යුද්ධ හමුදා මූලස්ථානයට ඊයේ(06) කැඳවා යුද්ධ හමුදාධිපති ප්‍රශංශා පදක්කම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පළඳවනු ලැබිණ.

අදාළ සෙබළා නිවාඩුමත සිටියදී තම පුද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් තලවාකැලේ නගරයට යමින් සිටියදී ඉහළ කොත්මලේ ජලාශය අසළින් ගමන් කරද්දි ඇසුණු ශබ්දය පිළිබඳ සෝදිසි කරද්දි කාන්තාවක් අඩි විස්සක පමණ ඉහළ සිට කොත්මලේ ජලාශයට පැන ඇති බවත් එහි රැස්ව සිටි පිරිසට ඇය බේරාගැනීමට ඉදිරි පත්වීමට නොහැකිව තිබූ බව දැනගත් අදාළ සෙබළා වහාම ක්‍රියාත්මක වී අදාළ කාන්තාවගේ ජීවිතය බේරාගෙන ඇත.

ඔහුගේ මෙම වීර ක්‍රියාවට තලවාකැලේ පොලිස් නිලධාරීන්ද සහයෝගය ලබාදී අතර මෙම සෙබළාගේ සේවය ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින්ද අගය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT