Home » ළමුන්ගේ විවෘත හෘද සැත්කම් වලට රිජ්වේ රෝහලට Heart Lung යන්ත්‍ර දෙකක්

ළමුන්ගේ විවෘත හෘද සැත්කම් වලට රිජ්වේ රෝහලට Heart Lung යන්ත්‍ර දෙකක්

by yasara
March 1, 2024 12:30 pm 0 comment

රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) හෘද උරස් ශල්‍යාගාරය වෙත  විවෘත  හදවත් සැත්කම් සදහා භාවිතා කරනු ලබන Heart Lung Machines දෙකක් ලබාදීම ඊයේ  (29) සිදු විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි  මෙරට රෝහල් පද්ධතිය සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනම්න් ලබාගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා‍ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ අතිගරු ජනාධිපති තුමාගේ ද  සෘජු මැදිහත්වීම යටතේ මෙම වෛද්‍ය උපකරණ ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම උපකරණ ලබාදීම  සිදු වූ අතර,  එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80 කි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විවෘත  හදවත් සැත්කම් සදහා භාවිතා කරන යන්ත්‍ර වසර 15 කට වඩා පැරණි වන අතර, එම යන්ත්‍ර තවදුරටත් භාවිතා කිරිමට සුදුසු තත්ත්වයක නොපවතී.

විවෘත  හදවත් සැත්කම් සදහා වන පොරොත්තු ලෙඛනයේ දැනට කුඩා රෝගී ලමුන් 3,000 ක් පමන සිටින බැවින් මෙම යන්ත්‍ර මගින් විශාල සේවයක් ලබාගත හැක.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT