Wednesday, April 23, 2025
Home » මහබාගේ ඝාතනයට අදාළ සැකකරු වෙඩි හුවමාරුවක දී මිය යයි

මහබාගේ ඝාතනයට අදාළ සැකකරු වෙඩි හුවමාරුවක දී මිය යයි

by yasara
February 28, 2024 9:32 am 0 comment

මහබාගේ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම සැකකරු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මහබාගේ ප්‍රදේශයේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පළා ගියේ පසුගිය 21ක් වනදා දිනයේ දීය.

එම ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදිකරු සූරියවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් සිදු කර තිබිණි

මෙම මෙහෙයුමේ දී අදාළ පුද්ගලයා සහ විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහිදි සැකකරු මිය ගොස් තිබෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින නිපුන නැමැත්තාගේ මෙහෙයවීමෙන් මහබාගේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සිදුකර ඇති බවට වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT