ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන එන්එස්එල් ජාතික තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී යාපනය පිල ජය මාවතට යොමු කළ ජනිත් ලියනගේ පන්දු 106කදී හයේ පහරක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 130ක් රැස්කිරීමට සමත් වූවේය.
මහනුවර පිලේ ළහිරු උදාර හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් සමඟ පන්දු 61කදී වේගවත් ලකුණු 93ක් හා නිරෝෂන් දික්වැල්ල පන්දු 49කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. එම පිලේ කමීල් මිෂාර පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 76ක්, සහන් ආරච්චිගේ පන්දු 66කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 73ක් එක් කළහ. මහනුවර කණ්ඩායමේ ළහිරු මධුසංඛ පන්දු 79කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 87ක් රැස් කරමින් දායකත්වය ලබාදුනි.
එමෙන්ම දඹුල්ල පිලේ පවන් රත්නායක පන්දු 100කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 90ක්, එම පිලේ රනේෂ් සිල්වා පන්දු 63කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 50ක් එක් කළහ. කොළඹ පළාත් පිලේ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 62කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 53ක්, තරිඳු රත්නායක පන්දු 33ක් තුළදී හයේ 3ක් හා හතරේ 5ක් සමඟ ලකුණු 55ක් එක් කළහ.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති යාපනය හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු එකක ජයක් යාපනය පිලට හිමි විය. කාසියේ වාසිය යාපනය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.
මහනුවර පළාත් පිල කඩුලු 7කට ලකුණු 359 (ඕවර් 50)
නිරෝෂන් දික්වැල්ල 53, ළහිරු උදාර 93, කමීල් මිෂාර 76, සහන් ආරච්චිගේ 73, අහන් වික්‍රමසිංහ නොදැවී 23, චාමික ගුණසේකර නොදැවී 10 ( චමත් ගෝමස් 54/2, ජෙෆ්රි වැන්ඩර්සේ 48/2)
යාපනය පළාත් පිල කඩුලු 9කට ලකුණු 360 (ඕවර් 48.5)
සඳුන් වීරක්කොඩි 14, හසිත බෝයගොඩ 47, රොන් චන්ද්‍රගුප්ත 25, ජනිත් ලියනගේ 120, ළහිරු මධුසංඛ 87, ඹිරාන් ප්‍රනාන්දු නොදැවී 16, අතිරේක 20 ( චාමික ගුණසේකර 75/2, ළහිරු කුමාර 73/2, අශේන් ඩැනියෙල් 43/2)
දඹුල්ලට ජය
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දු රැකීමට තීරණය කළේය.
කොළඹ පළාත් පිල කඩුලු 9කට ලකුණු 261 (ඕවර් 50)
අවිශ්ක ප්‍රනාන්දු 53, ෂෙවෝන් ඩැනියෙල් 28, ක්‍රිෂාන් සංජුල 35, විෂාද් රන්දික 45, තරිඳු රත්නායක 55, අතිරේක 17 (චමිඳු විජේසිංහ 63/2, සොනාල් දිනූෂ 35/2)
දඹුල්ල පළාත් පිල කඩුලු 7කට ලකුණු 263 (ඕවර් 48.4)
මිනොද් භානුක 35, ලසිත් කෘස්පුල්ලේ 23, පවන් රත්නායක 90, රනේෂ් සිල්වා 50, චමිඳු විජේසිංහ 11, දුෂාන් හේමන්ත නොදැවී 21, රනිත ලියනාරච්චි නොදැවී 12 ( තරිඳු රත්නායක 39/3, දිනුර කළුපහන 23/2)