Home » පැතිකුදය රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුම

පැතිකුදය රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මෙහෙයුම

by chanaka
February 27, 2024 11:39 am 0 comment

ලංකා ඊ ඩොක්(Lanka E. Doc) සහ ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය(Apollo Hospitals Group-India) විසින් 2024 මාර්තු 2 වැනිදා පැතිකුදය(Scoliosis)රෝගය පිළිබඳ පළමු වරට දැනුවත් කිරීමේ පා ගමනක් සමඟින් වැඩසටහන් මාලාවක් සංවිධාන කර ඇත.

ලංකා ඊ ඩොක් හි අධ්‍යක්ෂ සහ සෙරන්ඩිබ් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය නිලූකා වැලිකල විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී.

ඒ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය නිලූකා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වැනි රටක කොඳු ඇට පෙළට බලපාන රෝගයක් වන පැතිකුදය තත්ත්වය තරමක් ඉහළ මට්ටමක පවතින බවත් මෙය විශේෂයෙන්ම නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට බලපාන බවත්ය. “ඇෆ්රෝ-ආසියාවේ හි වඩාත්ම දියුණු කොඳු ඇට පෙළ ඒකකය වන ඇපලෝ කොඳු ඇට පෙළේ ශල්‍යකර්ම ආයතනයේ ප්‍රධානි සජන් කේ හෙග්ඩේ, ජ්‍යෙෂ්ඨ උපදේශක කොඳු ඇට පෙළ ශල්‍ය වෛද්‍ය අප්පාජි ක්‍රිෂ්ණන් සහ වෛද්‍ය විග්නේෂ්ගේ සමන්විත ආසියාවේ වඩාත්ම දියුණු කොඳු ඇට පෙළ සම්බන්ධයෙන් වන ශල්‍යකර්ම කණ්ඩායම අප සමග සිටින බව සතුටින් ප්‍රකාශ කරමි. මෙම ඒකකය ඇෆ්රෝ-ආසියාවේ හි විශාලතම කොඳු ඇට පෙළේ සැත්කම් සහ පැතිකුදය නිවැරදි කිරීම් සිදු කර ඇති අතර රොබෝ කශේරුකා සැත්කම්, විලයන අඩු කොඳු ඇට පෙළේ සැත්කම් වැනි ක්‍රියා පටිපාටි සඳහා පුරෝගාමී වී ඇත. ලංකා ඊ ඩොක් හි අප ඇපලෝ හි කොඳු ඇට පෙළේ ඒකකය ඔවුන්ගේ ශ්‍රී ලාංකික සගයන් සමඟ අපගේ දරුවන්ට වැළැක්වීම සහ සුව කිරීමේ සත්කාර පිළිබඳ සායනික සහයෝගීතාව සහතික කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයක් සංවිධානය කරමු. ප්‍රවාහන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන දැනුවත් කිරීමේ පාගමන මෙම උදාර කාර්යය සඳහා සියලු දෙනාගේ කැපවීම පෙන්නුම් කරයි. මෙය සාර්ථක දැනුවත් කිරීමේ වැඩසටහනක් බවට පත් කිරීම සඳහා අපි මාධ්‍යවල සහාය ද ඉල්ලා සිටි” වෛද්‍ය නිලූකා සඳහන් කළේය. දැනුවත් කිරීමේ පාගමන 2024 මාර්තු 2 වන දින පෙරවරු 7.00 ට නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වන අතර ඉන් අනතුරුව වෛද්‍ය සජාන් කේ හෙග්ඩේ විසින් Scoliosis සත්කාරය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, සෙරන්ඩිබ් සමූහ ව්‍යාපාරයේ සභාපතිනි වෛද්‍ය නිලූකා වැලිකල, ආසියානු ඔලිම්පික් රන් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ, වැනි සම්භාවනීය අමුත්තන් ද මෙම දැනුවත් කිරීමේ පා ගමනට සහභාගී වීමට නියමිතය. ඇපලෝ කණ්ඩායමට ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් මහතා ඇතුළත් වේ. ගුරුකුල, ආනන්ද, නාලන්ද, යසෝදරා දේවි, රත්නාවලී බාලිකා, ශාන්ත ජෝශප් විද්‍යාලය වැනි පාසල් ද සහභාගී වේ.

ඇපලෝ රෝහල් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය කේ හරිප්‍රසාද් මහතා සිය පණිවිඩයෙන් වෛද්‍ය නිලූකා වැලිල්කලට සහ ලංකා ඊ ඩොක් ආයතනයේ මෙම උදාර කාර්යයට කැපවීම වෙනුවෙන් ස්තුතිය පුද කළේය.

සැක සහිත ස්කෝලියෝසිස් ඇති දරුවන්ගේ දෙමාපියන් සඳහා පහත QR සහ සබැඳි භාවිතා කර පරීක්ෂා කිරීම සඳහා ලියාපදිංචි විය හැක.

WhatsApp +94743913395 Lanka edoc හෝ Info@lankaedoc.com

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT