ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ වාර්ෂික ඩිප්ලෝමා සමර්පණෝත්සවය 2024.03.03 වැනි දින පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා සැසිවාර හතරකින් යුක්තව විශ්වවිද්‍යාලයීය පිටිපන තාක්ෂණ පීඨ ශ්‍රවණාගාරයේ දී අභිමානවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.
එක් එක් ක්ෂේත්‍ර විෂයෙහි ලාංකේය ප්‍රජාවගේ ඇති දැනුම්වත්භාවය වර්ධනය කරමින් නිසි විධිමත් අධ්‍යාපන අවස්ථාවන් ලබා දෙනු වස් පවත්වනු ලබන මේ සියලු ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ව නිමකළ ඩිප්ලෝමාලාභීන් රටේ සබුද්ධික ශ්‍රම බලකාය වෙත ප්‍රමාණවත් සේවාවක් ලබා දෙනු ඇතැයි තම විශ්වාසය බව මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද මහතා ප්‍රකාශ කර සිටී.